ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙරට අන්නාසි හා කුකුළු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන චීන වෙළෙඳපොළට අපනයනයට පැවති බාධක ඉවතට

    ජූලි 19, 2024

    මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක මේ වනවිට චීන රජය විසින්  ඉවත් කිරීමට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ  බව පැවසුවේ, පසුගියදා මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දීය.

     අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙඳපලට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගාකරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබී තිබෙන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අපේ රටේ මෙම කෘෂි නිෂ්පාදන චීන වෙළෙඳපලට අපනයනය කිරීම සඳහා පැවැති බාධක ඉවත් කර ගැනීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කර ඇති බවත් අපේ රටේ අන්නාසි වගා කරන ආකාරය මෙන්ම කුකුළු නිෂ්පාදනවල ගුණාත්මකභාවය එරට වෙළෙදපල තුළ තහවුරු කිරීම සඳහා ක්‍රමවේද ගණනාවක් ද හඳුන්වා දී ඇති බවද මෙහිදි සාකච්ඡා විය.

    එමෙන්ම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් විසින් ඒ සදහා සිදු  කළ කැපවීම නිසා  චීනයේ වෙළෙඳපල අවස්ථාවන් අප රටට ලබා ගැනීමේ ප්‍රයත්නය මේ වනවිට සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.

    මෙරට නිෂ්පාදනය කෙරෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කවර කෘෂි නිෂ්පාදනයක් වුවද අපනයනය කිරීම සඳහා චීනයේ වෙළෙඳපල අවස්ථාවන් ශ්‍රී ලංකාවට පුළුල් කිරීමට චීන රජය කටයුතු කරන බවට චීන උප අමාත්‍යවරයා සහතික වූ බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya