ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් - මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කරන්න - ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.

    ජූලි 19, 2024

    මෙම දිනවල ඇදහැලෙන මෝසම් වර්ෂාවත් සමග ජලය එක්රැස් වන තැන් වැඩි වීමෙන් ඩෙංගු මදුරුවන් බෝ වීම ඉහළ යා හැකි බවත් මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අද (19) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    ජූලි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 2600කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද, පසුගිය මාසය සමඟ සැසඳීමේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද , මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 30,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේය.

    මෙම අවස්ථාවේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමෙන් ඩෙංගු රෝගීන් වැඩිවී වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බව පෙන්වාදුන් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා සියලුදෙනා මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කළ යුතු බව වැඩිදුරටත් පැවසුවේය.

    නිවෙස් තුළ සහ නිවෙස් වලින් පිටත පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි බවද කාර්යාල, පාසල්, ආගමික සිද්ධස්ථාන, ඉදිකිරීම් පරිශ්‍ර ආදී පොදු ස්ථාන ආශ්‍රිතවද මදුරුවන් බෝවීමේ අවධානම ඉතාමත් ඉහළ බව පැවසුවේය. එමනිසා එම ස්ථාන පිරිසිදුව පවත්වාගත යුතු බව ද සඳහන් කළේය.

    මෙම කාලයේ යම් කෙනෙකුට උණ ඇතිනම් එය ඩෙංගු විය හැකි බවද, පැය 48කට වඩා උණ ඇතිනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනූව කටයුතු කරන ලෙසද පැවසුවේය. උණ සහ ඇඟපත වේදනාවට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ භාවිතයෙන් වළකින ලෙසද අවධානම් කණ්ඩායම් ලෙස සැලකෙන ගර්භණී මවුවරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් සහ වැඩියහිටියන් උණ සෑදුණු වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද ඒ මහතා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya