ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සුවිශාල ජයග්‍රහණයක් - දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති නීතීඥ සිසිර ජයකොඩි

    ජූලි 21, 2024

    වසර 62ක දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආයුර්වේද ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර පසුගිය සතියේ  ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර  එය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ලද සුවිශාල ජයග්‍රහණයක් බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.

    එම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තුළින් අපගේ පාරම්පරික හෙළ වෙදකම, උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු, සිද්ධ, යුනානි වෛද්‍ය ක්‍රම ආදී මේ සියල්ල සංරක්ෂණය කිරීමටත්, අපගේ බෙහෙත් වට්ටෝරුවලට, ඔූෂධ වර්ගවලට නෛතික ආරක්ෂාව සැලසීමට මෙමගින් හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙරට පාරම්පරික වෙද මහතාගේ සිට යාපනය, මාතර ආදී රටේ සියලුම ප්‍රදේශ නියෝජනය වන ලෙස දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට ප්‍රිය කරන සියලු දෙනාගේම තොරතුරු ලබාගෙන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ද සම්බන්ධ කරගනිමින් විශේෂ කමිටුවක් පත්කර මෙම දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළියෙල කළ බවද ඒ මහතා සඳහන් කළේය.

    ඉන්පසු ජනාධිපතිතුමා විසින් එය රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සඳහා ඇතුලත් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා  විශේෂයෙන්ම රජයේ අරමුදල් සහ ප්‍රතිපාදන දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා යොදවන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශයට යොමුකර ඇතැයිද පැවසුවේය.

    ආයුර්වේද රෝහල් පද්ධතියට අනෙකුත් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළද මුදල් අමාත්‍යංශයට යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya