ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අගනා ප්‍රතිලාභ රැසක් සමග “ජයගමු ශ්‍රී ලංකා” ගාල්ලට

    ජූලි 22, 2024

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන "ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" ජුලි මස 24 සහ 25 යන දෙදින තුළ ගාල්ල  සමනල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් ක‍ර තිබේ.

    ඩිජිටල් යුගයට සූදානම්වන බුද්ධිමත් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන "ජයගමු ශ්‍රී ලංකා" වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් වෙත නන් අයුරින් ව්‍යාප්ත වී තිබේ.

    දිනෙන් දින වැඩිවන රැකියා අපේක්‍ෂකයින් සහ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාවකට උපකාර කිරීම මෙමඟින් සිදු කෙරේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ශ්‍රම වාසනා අරමුදල, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ සංක්‍රමණික සේවක හරසර වැනි අනුබද්ධ කණ්ඩායම්වල මඟපෙන්වීම යටතේ මහජන සුබසාධනය සඳහා ප්‍රදානයන් සිදුවේ.

    වෘත්තීය අපේක්ෂාවන් පිළිබඳ දැනුම වර්ධනය කිරීමත් සමඟම "ජයගමු ශ්‍රී ලංකා" අඩු ආදායම්ලාභී සහ සංක්‍රමණික කම්කරු පවුල් අතර ව්‍යවසායකත්ව ප්‍රයත්නයන් සඳහා ද සහාය වෙයි. 

    මෙම වැඩසටහන මගින් සියලුම කම්කරු අමාත්‍යාංශ සහ විදේශ රැකියා ආයතන සමඟ මහජන සහභාගීත්වය සඳහා පහසුකම් සැලසෙන අතර, කොළඹ කාර්යාලයට යාමට අවශ්‍ය වන රාජකාරි දේශීය වශයෙන් සම්පූර්ණ කිරීමට ද හැකිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya