ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ ධීවර පවුල් 16000කට චීන සහල්

    ජූලි 22, 2024

    උතුරු නැගෙනහිර පළාතේ ධීවර පවුල් දිරිමත් කිරීම උදෙසා උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන් වෙත චීන රජයෙන් ලබාදුන් සහල් සහනාධාර 50kg බැගින් වු මලු  5450 ක් ධීවර පවුල් 16000 කට 20 kg බැගින් බෙදා දීම පේදුරුතුඩුව  හා මුලතිව් යන දිස්ත්‍රික්කවලදි පසුගිය 19 සහ 20 යන දෙදින ධීවර අමාත්‍ය ඩග්ලස්  දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    මෙම චීන සහල් බෙදා දෙන්නේ ධීවර ජනතාව දිරිමත් කිරීම සඳහා මිස සහනාධාරයක් ලෙස නොවන බවත්, වර්තමාන රජය හැටියට අපි ජනතාවට සහනාධාර නොදෙන අතර ජනතාව ඔවුන්ගේ වෘත්තීන් සදහා දිරිගන්වා සංවර්ධනය කිරිම උදෙසා අවශ්‍යවන්නා වු සහය ලබාදෙන බවත්, එහි එක් පියවරක් ලෙස මෙම අවස්ථාවේදි උතුරු නැගෙනහිර පළාතේ ධීවර ජනතාවට මෙම සහල් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා  පැවසුවේය. 

     

    තමන් හා අග්‍රාමාත්‍යතුමන් චිනයේ කරනු ලැබු සංචාරවලදී ධීවර ජනතාව දිරිමත් කිරීම සඳහා මෙම සහල් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත්, ඒ අනුව චීන රජය අතිගරු ජනාධිපතිතුමා සමග පවතින විශේෂ රාජතාන්ත්‍රික සම්බන්ධතා හේතු කොට ගෙන උතුරු නැගෙනහිර පළාතේ ධීවර ජනතාවට ඔවුන් නගාසිටුවිම සදහා මෙම සහල් ලබාදුන් බවත්,  ශ්‍රී ලංකාවපුරා ධීවර ජනතාවට ඉදිරිකාලයේදි ද ධීවර ආම්පන්න යන ආදිය  ලබාදිමට චීන රජය එකගවී තිබෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    මෙහිදි මෙම සියලුම සහල් ධීවර ග්‍රාමීය සංවිධාන හරහා බෙදාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අධ්‍යක්ෂක ජනරාල්වරයාට තමා උපදෙස් දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා, ධීවර අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු නිලධාරින් රැසක් සහභාගි විය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya