ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ගිණුම් කාරක සභාව විසින් සිදු කරන ලද විමර්ෂණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට

    ජූලි 23, 2024

    රජයේ ගිණුම් කාරක සභාව විසින් 2023 වර්ෂයේ සිදු කරන ලද විමර්ෂණ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    ආයතන 16ක විමර්ෂණ කටයුතු සහ විගණකාධිපති විසින් ඉදිරිපත් කරන ලද විශේෂ විමර්ෂණ 05ක කරුණු මෙම වාර්තාවේ ඇතුලත් වේ.

    වාර්තාව ඉදිරිපත් කරමින් සභාපතිවරයා පැවසුවේ, විමර්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ පසු ඉන් එහාට කිසි දෙයක් සිදු වන්නේ  නැති බවට ඇතැම් පිරිස් චෝදනා කරන බවයි.

    එම නිසා  මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ බවද හෙතෙම පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ, මීට සති 03කට පෙර මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. මුද්‍රණ කටයුතුවලදී ප්‍රමාදයක් සිදු වෙනවා නම් ඒ පිළිබඳව වහාම පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya