ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිල අඩු නොකළහොත් ඉදිරි පියවර ගන්නවා - වෙළඳ ඇමැති

    ජූලි 23, 2024

    බිත්තර මිල පහළ නොදමන්නේ නම් නැවත රටින් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. 

    බේකරි නිෂ්පාදනයන් හි මිල අඩු කරන ලෙසට එම නිෂ්පාදකයන් දැනුවත් කළ බවත්, දින කිහිපයක් ඇතුළත ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළ හොත් ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    දේශීය ගොවියාගේ සහල් වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවත්, ඒ අනුව කීරි සම්බා මිල ඉදිරි සති කිහිපය තුළ අඩු වනු ඇති බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (22) ජා-ඇල නව පස්මහල් ප්‍රාදේශීය ලේකම්කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    ගොවි ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීම නිසා ආහාර අතිරික්තයක් ඇති වීම තුළින් ක්‍රමානුකූලව රට ගොඩනැගෙමින් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා නිෂ්පාදකයා නඟා සිටුවීමට අවශ්‍යය සහයෝගය ලබා දුන්නත් එහි ප්‍රතිලාභ පාරිභෝගිකයා හට නොවීම ගැටලුවක් බව ද සඳහන් කළේය. 

    වෙළෙඳ අමාත්‍යංශය මෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය බිත්තරයක නිෂ්පාදන වියදම හොඳින් දන්නා බවත්, රටේ දේශීය නිෂ්පාදන රැකගැනීමේ අරමුණට මුවා වී පාරිභෝගිකයන් සූරා කෑමට කිසිසේත් ඉඩ නොදෙන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    වසර කිහිපයක් තිස්සේ පැවැති මුදල් අච්චු ගැසීමේ සම්ප්‍රදාය වත්මන් ආණ්ඩුව විසින් නතර කළ බව මෙහි දී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, රටේ ජනතාවගේ බදු මුදල් කිසිදු මොහොතක අවභාවිතා නොකළ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya