ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට හැකි වීම රටේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් - අගමැති

    ජූලි 23, 2024

    ලෝකයේ බැංකු ක්‍රමයම ලංකාවට තහංචි දැමූ යුගයක් පසුකරමින් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම රටේ සමස්ත ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ජා-ඇල නව පස්මහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම උදෙසා රජය විශේෂ වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී රාජ්‍ය සේවකයන්ට මහජනතාව සමග සුහදව පැවරෙන වැඩ කටයුතු හා ඉලක්ක සම්පූර්ණ කිරීමට වගකීමක් හා බැඳියාවක් තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

    අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ඉඩම් හිමියන් සඳහා ඔප්පු ප්‍රදානය කිරීමක් ද මෙහි දී සිදු විය.

    මෙම අවස්ථාව සඳහා ජා-ඇල බෝරජ වෙහෙර විහාරයේ ගරු විහාරාධිපති, පූජ්‍ය කුරුපනාවේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේ, ද්වීතීයික සංඝනායක පූජ්‍ය සිව්රළුමුල්ලේ සුමනරතන නායක ස්වාමීන්වහන්සේ, රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරවාසී රාජකීය පණ්ඩිත පූජ්‍ය සිවුරළුමුල්ලේ විමලරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර සංඝරත්නය, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් ආසිරි වීරසේකර මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්, මහජන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya