ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වී වගාවක්

    ජූලි 23, 2024

    මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් 61,075ක කීරි සම්බා වී වගා කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

    යල කන්නයේ වී වගාවේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම කරුණු අවධාරණය කළේය.

    පසුගිය කාලයේදි පැවති කීරි සම්බා සහල් හිගය හේතුවෙන් ඊට ආදේශක සහල් ආනයනය කිරීමට රජය තීරණය කළේය. මෙරට හෝටල්වල මෙන්ම සංචාරකයින් බහුල වශයෙන් භාවිතා කරන සහල් විශේෂය වන්නේ කීරි සම්බා සහල්ය. නමුත් පැවැති කීරි සම්බා සහල් හිඟය හේතුවෙන් මිල ගණන් ද ඉහළ ගියේය.

    මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ දී කීරි සම්බා වී වැඩි කුඹුරු ප්‍රමාණයක වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැළසුම් කළ අතර ඒ සඳහා පියවර ගන්නැයි  අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    ඒ අනුව කීරි සම්බා වී වගාවෙන් මෙට්‍රික් ටොන් 248,000ක අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතය.   

    මෙවර යල කන්නයේ දී නාඩු (සුදු) හෙක්ටයාර් 263,122ක, නාඩු (රතු) හෙක්ටයාර් 94,027ක්, සම්බා (සුදු) හෙක්ටයාර් 27,268ක්, සම්බා (රතු) හෙක්ටයාර් 3612.8ක්, සාම්ප්‍රධායික සහල් හෙක්ටයාර් 1034ක වශයෙන් හෙක්ටයාර් 450,138ක වී වගා කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී  අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya