ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රජයට අයත් ආයතන 1600ක ස්ථාවර වත්කම් සොයා බැලේ

    ජූලි 24, 2024

    රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත මගින් මෙරට සියලුම රාජ්‍ය ආයතනවල වත්කම් සොයා බලා ඒවා නිසි කළමනාකරණයකට ලක් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයට අයත් ආයතන 1600කට අධික ප්‍රමාණයක් පවතින අතර ඒවායේ වත්කම් නිසි කළමනාකරණයකට ලක්ව නොමැති බවයි. 

    එම ආයතනවල රථ වාහන ද 91,000ක් පමණ ඇති බවත්, ස්ථාවර වත්කම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඒවා නිසි ලෙස කළමනාකරණය කොට ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම සඳහා කටයුතු කිරීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    මේ අතර මීට පෙර පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන  පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (25) විවාදයට ගැනීමට නියමිත ය. 

    ඒ මගින් ද ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්, විදේශ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් ලෙස යුගයට ගැළපෙන පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ නීති රාමුව එමගින් සකස් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya