ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විදේශ විනිමයෙන් රට සවිමත් කල ගාල්ල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන් හට සුබසාධන සේවා රැසක්

    ජූලි 25, 2024

    ගාල්ල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන් හට සුබසාධන සේවා රාශියක් සමගින් ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය (Glocal Fair) කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

    මෙහි දී විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයන් සහ විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයන්ගේ පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දෙන 'විගමනික ශ්‍රමික හරසර වැඩසටහන' පැවැත්විණි.

    එහි දී ස්වයං රැකියා දියුණුව සඳහා පවුල් 55 කට ආධාර ලබා දීම, ප්‍රථම වරට ගෘහ සේවය සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල් 25කට වවුචර්පත් ලබා දීම, විගමනික ප්‍රජාවගේ දරුවන් 203ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, සාර්ථකත්වයට පත් වූ විගමනික ශ්‍රමික පවුල් 06ක් ඇගයීම, සේවය අවසන් කර පැමිණි විගමනික ප්‍රජාවගේ දරුවන් 96ක් හා දැනට සේවයේ නියුතු විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 511 ක් වෙනුවෙන් පාසල් උපකරණ සහිත බෑග් ප්‍රදානය කිරීම, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශයෙන් පාසල් 22ක් සඳහා Smart Board ප්‍රදානය කිරීම හා විගමනික ශ්‍රමිකයන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හට වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම ද සිදු විය.

    මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්.පි.ඒ. විමලවීර මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya