ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් තවත් ක්ෂේත්‍රයක්

    ජූලි 25, 2024

    මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඉහල දැනුම් සම්භාරයකින් සමන්විත ක්ෂේත්‍රයක් බවත් විදේශ සංචාරකයින් ඉලක්ක කරගෙන දේශිය වෙදකම ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

    ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ මධ්‍යම පළාත් ආයුරේවේද කොමසාරිස් ලෙස කටයුතු කළ ජයන්ත හේරත් මහතා විශ්‍රාම යෑමෙන් පසු නැවත කොන්ත්‍රාත් පදනම මත සේවය දිර්ඝ කිරිමේ පත්විම් ලිපි ප්‍රදානයට කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමිනි.

    ආයුර්වේද කොමසාරිස් ලෙස කටයුතු කළ හේරත් මහතා වැනි ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති නිලධාරීන්ගෙන් ආයුර්වේද ක්ෂේත්‍රය වැඩිදියුණු කිරිම අරමුණින් සේවා අවශතාව මත මෙවැනි පත් කිරීම් සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය නූතන ලෝකයේ ඉල්ලුමට සරිලන ලෙස ඩිජිටල්කරණයට යොමුවෙමින් කේෂ්ත්‍රයේ ඉල්ලුම කළමනාකරණය කරගනිමින් ප්‍රවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් දේශිය වෛද්‍ය ක්‍රමය ජාත්‍යාන්තරය ජය ගැනිමට පළාතක් ලෙස කටයුතු කිරිමට හැකි වනු ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

    මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , සෞබ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරි ,ආණ්ඩුකාර සහකාර ලේකම්(වැ.බ) උදාර කොන්සිවත්ත, ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් කිත්සිරි ලියනගමගේ යන මහත්වරුන් එක්වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya