ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පරිසරයේ වෙනස්කම්වල අහිතකර බලපෑම ලෝකය මුහුණ දෙන ප්‍රබලතම ගැටලුවක් - මධ්‍යම ආණ්ඩුකාර

    ජූලි 25, 2024

    "පරිසරයයි සුව දිවියයි" පාරිසරික ඡායාරුප හා චිත්‍ර ප්‍රදර්ශනය මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේදි ඊයේ (24) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

    මධ්‍යම පළාත් කෘෂිකර්ම සුළු වාරිමාර්ග සත්ව නිෂ්පාදන හා සංවර්ධන ගොවිජන සංවර්ධන මිරිදිය ධිවර පරිසර කටයුතු හින්දු සංස්කෘතික සහ වතුයටිතල පහසුකම් අමාත්‍යංශයේ මුලික සංකල්පය මත මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව මහනුවර වෛද්‍ය සංගමය කොළඹ ඡායාරුපවේදින්ගේ ජාතික සංවිධානය ආසිරි රෝහල ඇතුලු සම අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මෙම ඡායාරුප ප්‍රදර්ශනය මේ මස 31 වෙනි දින දක්වා ආසිරි රෝහල් පරිශ්‍රයේදි පැවැත්වේ.

    සමාරම්භක උත්සව සභාව ඇමතු ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ "පරිසරය පිළිබදව අපේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණනන් වහන්සේ විසින් සුවිශේෂි සුත්‍ර ඇසුරින් දේශනා කර ඇති බවත් බුදු දහම හා පරිසරය අතර ඇත්තේ මනා වූ සබඳතාවක් බවත් පරිසරය හැම කල්හිම සත්ත්වයාට හිතකර බවත් එය කෙනෙක්‌ වෙනස්‌වීමේ ලක්‍ෂණයන්ට ලක්‌ වුවද එහි වසන සත්ත්වයා මැනවින් සුරක්‍ෂිත කිරීම පරිසරයේ ප්‍රධාන කාර්යයක්‌ බවට පත් වී තිබෙන බව බුදු දහමේ සදහන් වන බවත් පරිසරය රැක ගැනීම අප සියලුදෙනාගේ වගකීමක් බවත් තාවකාලික ජීවිතයක්‌ ගත කරන අප, පරිසරය වෙන කිසිවෙකුට අයිති නැති දෙයක්‌ ලෙස සිතමින් තෘෂ්ණා බරිතව කටයුතු කිරීම සුදුසු නොවන අතර වර්තමානයෙහි ලෝකය පාරිසරික ගැටලු රැසකට මුහුණපාමින් සිටීන බවත් එය අනෙකුත් සතුන් විසින් කරනු ලබන්නක්‌ නොව මිනිසා වන අප විසින් කරනු ලබන්නක් බවත් එබැවින් පරිසරය රැක ගැනීම මිනිසා වන අපගේ පරම යුතුකම බවද පැවසිය.

    පරිසරය සම්බන්ධයෙන් කෙතරම් වගකීමක් සහිතව වැඩිහිටියන් කටයුතු කරන්නේ ද යන්න අදහසක් ලබාගත හැකි බවත් රටට දැයට හිතැති මතු පරපුරක් අද දවසේ දරුවන්ගේ ආකල්ප සංවර්ධනයෙන් නිර්මාණය කල හැකි බවත්,ඒ වෙනුවෙන් සමාජයට වගකීමක් පවතින බවත් පාසල් පද්ධතිය තුලදී දරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමෙහි ලා මධ්‍යම පළාත් සභාව ප්‍රමුඛතාවය ගෙන කටයුතු කළ බවත් ඉදිරියේදීද කටයුතු කරනු ලබන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

    පාසල් දරුවන් වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් පරිසරය පිළිබදව ඡායාරුපකරණයෙහි නිරතවෙමින් මෙම ඡායාරුප ප්‍රදර්ශනය පැවැත්විම සදහා දායකත්වය දැක්වු සියලු දෙනාට කෘවේදිත්වය පළ කරන බවත් වෛද්‍යවරුන් පරිසරය කෙරෙහි දක්වන ඇල්ම අගය කරන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුටරත් පැවසිය.
    මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසුරිය, කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චරිතා ඉලංගකොන්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරි , ආසිරි රෝහල් සමූහයේ අධ්‍යක්ෂ ප්‍රසාද් මැදවත්ත, යන මහත්ම මහත්මින් පාසල් දරුවන් අනුග්‍රාහක ආයතනවල නිලධාරින් වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya