ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    DINI ජාත්‍යන්තර චෙස් ශූරතාවලිය අනිද්දා

    ජූලි 27, 2024

    ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ අනුග්‍රහය යටතේ බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් චෙස් සංගමය විසින් 2024 වර්ෂයේ DINI ජාත්‍යන්තර චෙස් ශූරතාවලිය 2024 ජූලි 24 සිට අගෝස්තු 04 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා පවසයි.

    ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී DINI ජාත්‍යන්තර චෙස් ශූරතාවලිය 2024 සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    මෙරට ක්‍රිකට් වලට පසුව ඉදිරියෙන් ඇති ක්‍රීඩාව චෙස් බව පැවසූ චෙස් සම්මේලනයේ සභාපතිවරයා මෙරට තරුණ ක්‍රීඩකයෝ බෙහෙවින් දක්ෂ බවද, මෙම තරඟයට සහභාගී වී මෙරටින් බිහිවන ප්‍රථම Grand master ට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් චෙස් සම්මේලනයෙන් ලබාදෙන බවද පැවසුවේය.

    මෙම තරඟාවලිය වෙනුවෙන් බෙහෙවින් කැපවී කටයුතු කරන බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් චෙස් සංගමයට ස්තුති කළ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපතිවරයා මෙරටින් තරඟාවලියට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සුභ පැතුම් එක් කළේය.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් චෙස් සංගමයේ සභාපති මාලින්ද සෙනෙවිරත්න මහතා, ගෝල්ඩ් චෙස් සංගමයේ ලේකම් මුදිත හෙට්ටිගම මහතා සහ ගෝල්ඩ් චෙස් සංගමයේ සාමාජික සිරිනි චොක්සි මහත්මිය සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya