ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසැල් දූදරුවන් වෙනුවෙන් පාසල් පොත් සහ උපකරණ බෙදාදිමේ විශේෂ වැඩසටහනක්

    ජූලි 29, 2024

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මඟින් සංවිධානය කරන "ජයගමු ශ්‍රී ලංකා" වැඩසටහන් මාලාවේ 24 වන වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන දිනයටත් ඊයේ (28) ආරම්භ විය.

    විගමනික හරසර වැඩසටහන යටතේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසැල් දූදරුවන් වෙනුවෙන් පාසල් පොත් සහ උපකරණ ඇතුළු කට්ටල බෙදාදිමේ විශේෂ වැඩසටහනක් ද මෙහි දී ක්‍රියාත්මක විය.

    Smart Youth Club වැඩසටහන තරුණ තරුණියන් දෙදහස් පන්සියයකගේ පමණ සහභාගිත්වයෙන් ඊයේ ආරම්භ වූ අතර අනාගත ලෝකයේ රැකියා ඉල්ලුමට ගැලපෙන ආකාරයේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීම පිළිබඳ මගපෙන්වීම සහ උපදේශන වැඩසටහන් ඊට ඇතුළත් විය.

    එමෙන්ම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මඟ පෙන්වීම යටතේ ඊශ්‍රායලය ඇතුළු විදේශ රටවල රැකියා අවස්ථාවන් සඳහා යොමු කෙරුණු විවිධ වෘත්තීන්ට අයත් ශ්‍රමිකයින් විශාල පිරිසකට ඊට අදාළ ලේඛන පිරිනැමීම ද මෙම වැඩසටහනට ඇතුළත් විය.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආනන්ද විමලවීර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය, හිටපු අමාත්‍ය රවී කරුණානායක, යන මහත්වරු මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානීන් ඇතුළු විධායක නිලධාරින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරින්, වැඩසටහනේ සම්පත් දායකයින්, ප්‍රතිලාභීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya