ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විවිධාංගීකරණය අනුව ආහාර ලබා ගන්න

    ජූලි 31, 2024

    අප පරිභෝජනය කරන ආහාර විවිධාංගීකරණය විය යුතු බවත්, එකම ආහාරයක් ආහාරයට ගැනීමෙන් එහි පවතින පෝෂණ ඌනතාවයන් ශරීරයට එකතු වන අතරම එහි යම් විෂක් ඇතිනම් එය ද ශරීරගත වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.

    විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව පැවසුවේ ආහාර සම්බන්ධව සමාජයේ පවතින දුර්මත යන මැයෙන් අද (31) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    මෙරට මුළු ජනගහණය වසරකට සහල් කිලෝ 150 කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරන බවත් සතියකට පුද්ගලයෙකු සහල් කිලෝ 2.8ක් පමණ පරිභෝජනය කරන බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසුවේය.

    එක් පුද්ගලයෙකු වසරක දී සීනි කිලෝ 24 ක් පමණ ආහාරයට ගන්නා බව සඳහන් කළ ඒ මහතා පුද්ගලයෙකු මාලු කිලෝ 18ක් පමණ වසරකට කන අතර සතියකට එය කිලෝ 0.3ක් බව සදහන් කළේය. වසරකට එක් පුද්ලගයෙකු කුකුල් මස් කිලෝ 10ක්ද, බිත්තර 93ක්ද ආහාරයට ගන්නා අතර කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ලීටර් 34.6ක් පරිභෝජනය කරන බව ද පැවසුවේය.

    අප අධික වශයෙන් කාබෝහයිඩ්‍රේටත් ඉතා අඩු වශයෙන් මස් මාංශ සහ ප්‍රෝටීන ප්‍රභවයන් භාවිතා කරන අතර මෙය ගැටලුවක් බවද පෙන්වා දුන්නේය. ආහාර විවිධාංගීකරණය අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    සහල් වල පවත්නා ගුණ ලෙස එය ඉතාම හොඳින් පිෂ්ඨය සහ කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාරයක් බවද ජලයේ දියවෙන විටමින බහුලව එහි අන්තර්ගත වන බවද පැවසුවේය. එමෙන්ම සහල් වල ඉතා සුළු වහයෙන් වුවද ඉතා හොඳ ප්‍රෝටීන ප්‍රභවයක් අන්තර්ගත බව ද සඳහන් කළේය. 

    එමෙන්ම ඇතැම් සහල් වල ශරීරයට අහිතකර කැඩ්මියම්, ඊයම් වැනි බැර ලෝහ අන්තර්ගත යැයි ද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya