ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශීය වෛද්‍යක්‍රම සුරක්ෂිතයි - රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

    අගෝස්තු 03, 2024

    පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි ගැටලු මගහැර දේශීය වෛද්‍යක්‍රම සුරක්ෂිත කරලීමට කටයුතු කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

    කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දේශීය වෛද්‍ය ක්‍රමයේ උරුමයක් වන අත්බෙහෙත් ප්‍රචලිත කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා,

    " අනාදිමත් කාලයක සිට පැවත එන අපේ උරුමයක් වන පාරම්පරික දේශීය වෙදකම සුරෑකුම අපේ යුතුකම හා වගකීම බවත් ඒ සදහා නිබඳව කැපවී සිටින බව ප්‍රකාශ කර සිටියේය.

    මේ වන විට වයස අවුරුදු 70 ඉක්මවූ ලියාපදිංචිය නොලත් සුවිශේෂී දක්ෂතාවයන් ගෙන් හෙබි පාරම්පරික වෛද්‍යවරුන් වෙත ගොස් සුවිශේෂී වෛද්‍ය ප්‍රණාම ලියාපදිංචි ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවත් පාරම්පරික වෛද්‍ය ලියාපදිංචියේ ගැටලු මගහැරලීම උදෙසා වයස අවුරුදු 45 ඉක්මවූ පාරම්පරික වෛද්‍ය වරුන් වෙත වාචික සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දුන් බවත් වයස අවුරුදු 45 අඩු පාරම්පරික වෛද්‍යවරුන් ලිඛිත හා සම්මුඛ පරීක්ෂනයකින් අනතුරුව එම ලියාපදිංචිය ලබාගත යුතු බවත් ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම පාරම්පරික වෛද්‍යවරුන් වෙත ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා පහසු කරලීම තුළින් විධිමත් කරලීම උදෙසා දිස්ත්‍රික් මට්ටමින් ලියාපදිංචිය ලබාදීමේ වැඩසටහන් හා සේවා වැඩසටහන් දියත් කරලූ බව සදහන් කර සිටියේය.

    පාරම්පරික වෛද්‍ය ලියාපදිංචි මය ගැටලු මගහරින්නා සේම වෙදකමේ ගුණාත්මක භාවය සුරැකීමට කැපවී සිටින බවත් නිසි වෛද්‍යවරුන් හඳුනා ලියාපදිංචිය ලබාදිය යුතු බවත් ව්‍යාජ වෛද්‍ය වරුන්ගෙන් ලොවක් දිනිය හැකි පාරම්පරික වෙදකම සුරැකිය යුතු බවත් ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම පසුගිය කාලසීමාව තුළ සුදුසුකම් සපුරාලූ පාරම්පරික වෛද්‍යවරුන් 552ක් ලියාපදිංචිය ලබා තිබෙන බවත් මේ වසර තුළත් ඉතිහාසය තුළත් පෙර නොවූ පරිදි ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා 2000කට අධික අයදුම්පත් ප්‍රමාණයක් යොමුව ඇති බවත් ගැටලු මගහැර පාරම්පරික වෛද්‍ය ලියාපදිංචිය පහසු කරලීම උදෙසා පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කරලීම සදහා වන විශේෂ කාර්යාංශයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවීමට කටයුතු කළ බවත් සඳහන් කර සිටියේය.

    එසේම පාරම්පරික වෛද්‍යවරුන් දැනුමින් කුසලතාවන්ගෙන් සන්නද්ධ කරලීම උදෙසා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයමගින් පුහුණු වැඩසටහන් හා වැඩමුළු මගින් පාරම්පරික වෛද්‍ය ලියාපදිංචිය සඳහා අත්වැලක් වූ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    දේශීය පාරම්පරික වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට දක්වන දායකත්වය මිල කල නොහැකි බවත් ඒ සඳහා නිසි ඇගයීමක් ලබාදීමේ අරමුණින් ඇගයීම් සම්මාන ප්‍රදානය ඇතුළු වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ බවත් සඳහන් කළේය.

    එමෙන්ම දිවයින පුරා විසිරී සිටින විසි දහසකට අධික පාරම්පරික වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් එළිදැක්වීමට කටයුතු කළ බවත් "අපේ වෙද මහත්තයා" වෙබ් අඩවිය හා "වෙද වරු " ජංගම දුරකථනය යෙදවුම තුළින් නූතන අන්තර්ජාල තාක්ෂණය දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් දායක කළ බවත් රාජ්‍ය අමාත්‍යරවයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya