ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර, එනසල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

    අගෝස්තු 05, 2024

    මහනුවර අධ්‍යාපන කලාපයේ දෙල්තොට, එනසල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

     

    මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ  රුපියල් මිලයන තිහක මුදලින් මෙම නව ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මුදල් ප්‍රතිපාදන  සඳහා වෙන්කර ඇත.

    මිට පෙර අවස්ථාවකදි පාසලේ පැවති උත්සවයකට සහභාගි වු අවස්ථාවේදි පාසල් ප්‍රජාව විසින් ආණ්ඩුකාරවරයාගෙන් සිදු කළ ඉල්ලිමක් අනුව සිදු කෙරෙනු නිරීක්ෂණයෙන් අනතුරුව මෙම මුදල් ප්‍රතිපාදන වෙන් කිරිම සිදු විය.

     

    මෙහිදි අදහස් දැක්වූ ‍මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ කැඩුණු බෙදුණු රටක් හැදිමට නොහැකි බවත් කිිසිදු භේදයෙන් තොරව දැයේ අනාගතය බාර ගැනිමට සිටින දරුවන් වෙනුවෙන් සේවය සිදු කළ යුතු බවයි. අධ්‍යාපනයේ අවසාන බලාපොරොත්තුවන රටට වැඩදායි , පිරිපුන් දරුවන් බිහි කිරීම  බවත් මෙම  විද්‍යාලය එයට හොද උදාහරණයක් බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා  සිටියේ ආර්ථික අර්බුදවලට ලක්ව තිබු රට නැවත සාර්ථක මට්ටමක පවතින නිසා මේ පාසලට මුදල් ප්‍රතිපාදන ලබා දිමට හැකිවු බවත් මධ්‍යම පළාතේ උපාධිධාරින් රැසකට පත්විම් ලබා දිමටද අවස්ථාවක් ලැබුණු බවය. රටක සංවර්ධනයේ නියමුවා වන්නේ අධ්‍යාපනය බවත්, රටක් නිර්මාණ කිරීම මෙන්ම විනාශ කිරීම අධ්‍යාපනය මගින් සිදු කළ හැකි බවත්, රටක සංවර්ධන උදෙසා අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව සඳහන් කළේය.

     

    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ  නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, මහනුවර කලාප අධ්‍යපාන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ආර්.එෆ් අමීන් ,එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ  විදුහල්පති සී.එම්.එෆ්. සිමාරා යන මහත්ම මහත්මින්  ඇතුලු ගුරු භවතුන්, පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන්, දෙමාපියන් සිසු දරුවන් පිරිසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya