ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    “ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024” සැණකෙළිය අගෝස්තු 16 සිට

    අගෝස්තු 05, 2024

     

    ක්‍රිඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය , සංචාරක අමාත්‍යංශය එක්ව පවත්වනු ලබන “ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024” අගෝස්තු 16 සිට 18 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

    මේ සඳහා දායකත්වය ඩයලොග් ආසිආටා පී.එල්.සී ලබා දෙයි.

    “ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා”, ශ්‍රි ලංකවේ  මෙතෙක් පැවැත්වු ඉසව්ව් අතරින්  දැවැන්තම ජාතික ක්‍රීඩා සැණකෙළිය මෙන්ම දකුණු ආසියාවේ  එවැන්නක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.

    මෙම දැවැන්ත සැණකෙළිය ක්‍රිකට්, රග්බි, පාපන්දු , වොලිබෝල්, නෙට්බෝල්, හොකි සහ පැසිපන්දු යන මෙරට වඩාත් ජනප්‍රිය කණ්ඩායම ක්‍රීඩා හතකින් සමන්විත වනු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වනු ඇත.

    දේශිය ක්‍රීඩා හැකියාවන් එළිදැක්වීම සහ මීළඟ පරම්පරාවේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් නිර්මාණය වන තරඟ අවස්ථාවක් වන මෙම “ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024” ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඉහළ මට්ටමේ තරග අවස්ථාවක් සඳහා වේදිකාව බවට පත් වේ.

    එමෙන්ම මෙම  සැණකෙළියේ ක්‍රිකට්‌ තරග බිලුම්ෆිල්ඞ්‌ සභ තර්ස්ටන්‌ ක්‍රීඩාංගණවල ද, රග්බි සභ පාපන්දු තරගාවලි තුරග තරග පිටියේද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙහි චොලිබෝල්‌ තරග කොළඹ රාජකීය විදුහල්‌ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීද නෙට්බෝල් තරග ටොරින්ටන්‌ පිටියේදීද පැවැත්වීමට නියමිතය. භොකී තරග කෘත්‍රිම හොකී පිටියේද පැසිපන්දු තරග 3x3 ක්‍රිඩාංගණයේද පැවැත්වීමට සෑලසුම්‌ කර ඇත.

    මෙම ක්‍රීඩා සැණකෙළියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, ඩයලෝග් සමාගම ThePapare TV (නාලිකා අංක 63) ThePapare TV (නාලිකා අංක 126) Dialog Viu සහ ThePapare.com හරහා ශ්‍රි ලංකාවේ ගෙයක් ගෙයක් පාසා සඑ අදාළ උපකරණවල තිර මතින් ක්‍රීඩා ලෝලි ජනතාව වෙත මෙම ක්‍රීඩා සැණකෙළියේ දසුන් සජීවිව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya