ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බේරුවල-දර්ගා නගරය, සාවියා පාර සංවර්ධනය කර ජනතා අයිතියට

    අගෝස්තු 07, 2024

    මාර්ග කිලෝමීටර් 1,500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ කාපට් අතුරා සංවර්ධනය කෙරුණු බේරුවල -දර්ගා නගරය, සාවියා පාර ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) සිදු කෙරිණි.

    මීටර 570 පමණ දිගින් යුතු මෙම මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්වී නොතිබිණ. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට සහ රථවාහන ධාවනයට සිදුව තිබුණේ විශාල බාධාවකි.

    මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් සිදුකළ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතාගේ යෝජනාවකට අනුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබේ.

    ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 12.647කි.

    මෙම වැඩසටහන සඳහා බේරුවල හිටපු නගරාධිපති මසාහිමි මොහොමඩ් මහතා, හිටපු නියෝජ්‍ය නගරාධිපති මුනව්වර් මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya