ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සුවබර නින්දේ සුවතාවය පිළිබඳ අනාවරණයක්

    අගෝස්තු 07, 2024

    සුවබර නින්දක් ගැන කතා කිරීමේදී නින්දේ ස්වස්ථතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වන බවත් මෙහිදී සුවබර නින්දක් සඳහා අවශ්‍ය වන යහපත් පුරුදු හඳුනාගැනීම නින්දේ ස්වස්ථතාවය ලෙස සලකන අතර එය ඉතාම වැදගත් බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

    ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවේ අද (07) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී සුව නින්ද සහ සෞඛ්‍ය යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
    අතීතයේ ජනයා ඉර බසිනා විට නින්දට යාමටත්, ඉර නැග එනවිට අවදි වීමටත් හුරුවී සිටියද වර්තමානය වන විට මිනිසුන්ගේ නින්දෙහි රටාව වෙනස් වී ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

    වර්තමානයේ නවීන තාක්ෂණයත් සමග වැඩි වේලාවක් විදුලි පහන් දල්වා සිටීමටද, ඩිජිටල් තිර ආදිය භාවිතය හේතුවෙන් නින්දට බලපෑමක් වන පරිදි බොහෝ දෙනා අවදිවී සිටීමට හුරුවී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
    ස්වභාවිකව හිරු උදාව හා හිරු බැසීම ආශ්‍රිතව පැවති නින්දේ රටාව වෙනස් වීමත් සමග එය පුද්ගලයාගේ සෞඛ්‍යයට ද වර්තමානයේ බලපෑම් එල්ල කළ බව පරීක්ෂණ වලින් ද තහවුරු වී ඇතැයි ඇය පැවසුවාය.

    මෙරට නින්ද සම්බන්ධව සිදුකර ඇති සීමිත පරීක්ෂණ දත්ත අනූව වයස අවුරුද්දක් දක්වා වන දරුවන් 25%ක් අතර නින්ද සම්බන්ධව යම් ගැටලු පවතින බවද, වැඩිහිටි සහ තරුණ වියේ පසුවන්නන්ගේද නින්දේ ගැටලු පවතින බවට අනාවරණය තිබේ.

    කුඩා කළ සිටම කුඩා දරුවෙකුට සුවබර නින්දක් ප්‍රවර්ධනය කළ හැකි බවත් මෙම ක්‍රමවේදය පිළිබදව දෙමාපියන් හා දරුවන් රැකබලා ගන්නන් දැනුවත් වීම මගින් දරුවෙකුට කුඩා කළ සිටම නින්ද නැමති චර්යාව පුරුදු කිරීමට හැකිවන බවත් ඒ මහත්මිය පැවසුවාය.

    නින්දෙහි මූලිකාංග ලෙස නිදාගන්නා වෙලාව, නිදාගන්න ස්ථානය, නිදාගන්න විදිහ, වටපිටාව සහ කොතරම් වේලාවක් නිදාගත යුතුද යන්න පෙන්වා දුන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය මේවා දෙමාපියන් දැනගත යුතු යැයිද දරුවෙකුට සුව නින්දක් ලබාදීමට උදවු විය හැක්කේ දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට බවද අවධාරණය කළේය.
    දරුවෙකුට නින්දෙහි ඇති වැදගත්කම පෙන්වාදුන් වෛද්‍යවරිය පැවසුවේ නින්දේදී දරුවෙකුගේ වර්ධක හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වන අතර එය දරුවාගේ වර්ධනයට ඉවහල් වන බවයි. එමෙන්ම ශාරීරික සහ මානසික විඩාව නිවීමටද, දෛනික ආතතීන් සමනය වීමට, ගැඹුරු මතකය දියුණු වීමට හා ශාරීරික හා මානසික සෞඛ්‍ය සඳහා නින්ද ඉතා වැදගත් බව පැවසුවාය.

    විඩාව අඩුවන විවේකයක් නින්දෙන් ලබන බව, ඊළඟ දවසට විඩාවකින් තොරව නැවුම්ව උද්යෝගයකින් යාමට නම් ශාරීරිකව මෙන්ම මානසිකව සුවබර නින්දක් අවැසි බවද ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya