ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කල්පිටිය තොරයඩි කලපුවේ තිබූ රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට  

    අගෝස්තු 08, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දා (06) කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං  කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කල බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

    ඒ අනුව, වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය තොරයඩි කලපුවේ අද සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී, එම කලපු ප්‍රදේශයේ ගිල්වා තිබූ සැකකටයුතු ඇසුරුමක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඇසුරුමේ සූක්‍ෂම ලෙස අසුරා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගත් අතර, එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක්ද (01) තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබිය දී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩි කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

    තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගය සහ ඩිංගි යාත්‍රාව (01), ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya