ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මේ වසරේ අගෝස්තු වන විට 3,694 ක් දකුණු කොරියාවට 

    අගෝස්තු 08, 2024

    මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. 

    දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු පසුගිය දා (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියහ. මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුළත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා  ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ. 

    එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා  ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙවර පිටත් වුයේ 873 වන කණ්ඩායමයි. අද වන විට තරුණ ප්‍රජාව අතර දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් විමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබෙන අතර  වර්තමානය වන විට තරුණියන් මෙම රැකියා අවස්ථා සඳහා යොමුවීම නව ප්‍රවණතාවක් බවට පත්ව ඇත. 

    මේවන විට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේ දි තවත් ශ්‍රමිකයන් රැසක් රැකියා සඳහා පිටත්විමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya