ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය මධ්‍යම පළාතේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ

    අගෝස්තු 09, 2024

    මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමය මගින් ප්‍රථමවරට සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පසුගියදා (05) පැවැත්විණ.

    මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ ක්‍රීඩාව යනු ජය, පරාජය, සතුට, කඳුළ මුසු වූ සුන්දර අත්දැකීම්වල එකතුවක් බවත් ක්‍රීඩා කරනුයේ දිනන්නටම පමණක් නොවන අතර ක්‍රීඩාවේදී ලබා ගන්නා මෙවැනි අත්දැකීම් සාමාන්‍ය ජීවිතයේදී ප්‍රගුණ වීමෙන් මහා පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් පිරිසක් බිහි වීමට හේතු වන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

    මෙහිදී මධ්‍යම පළාත නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් පළාතට ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 අධික පිරිසක් ඇගයීම ලක් කෙරුණු අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර චෙස් තරගාවලි වලින් ජයග්‍රහණය ලබාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් හා සම්මාන පිරිනැමීම සිදු කෙරිණි. එහිදී වසරේ හොඳම චෙස් ක්‍රීඩකයා ලෙස ඉසුරු අලහකෝන් මහතාත් ක්‍රීඩිකාව ලෙස ජනන්දනි අබේසිංහ මහත්මියත් වසරේ හොඳම පාසල් චෙස් ක්‍රීඩකයා ලෙස ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දිෂාල් වීරසේකර සිසු දරුවාත් ක්‍රීඩිකාව ලෙස මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ප්‍රශංසා ප්‍රේමනාත් සිසුවියත් සම්මාන ලැබීය.‍

    මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. තිලකෙෂ්වරී, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන, ශ්‍රී ලංකා චෙස් සංගමයේ ලේකම් කනිෂ්ක වැලිපිටිය, ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ සභාපතිනි මහේෂිකා රූපසිංහ, මහනුවර දිස්ත්‍රික් චෙස් සංගමයේ සභාපති ආර්.කළුගම්පාය ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya