ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යාපනය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 අද අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වෙයි

    අගෝස්තු 10, 2024

    'යාපනය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2024' අද (09/08/2024) උදෑසන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

    උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය ආරම්භ විය. මෙම පොත් ප්‍රදර්ශනය සහ අලෙවිය අද සිට ලබන 11 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වීමට නියමිතය.

    යාපනය කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනයට පොත් අලෙවිසල්, ප්‍රකාශන ආයතන සහ පොත් අලෙවි ආයතන විස්සකට අධික සංඛ්‍යාවක් සහභාගී වෙයි ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වලින් ප්‍රකාශිත පොත්පත් මෙම ප්‍රදර්ශනයේ අලෙවි කෙරේ. අපගේ සමාජය තුළ කියවීම ප්‍රවර්ධනය කිරීම, ලේඛකයින් බිහි කිරීම සහ ලේඛකයින් සහ පාඨකයන් හමුවීමට වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් යාපනය පොත් උළෙල 2024 සංවිධානය කර ඇත. ඒ හැර මින් ඉදිරියට සෑම වසරකම යාපනය ජාත්‍යන්තර පොත් උළෙල පැවැත්වේ. මෙහි විශේෂත්වය වන්නේ දරු දැරියන්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, ගුරුවරුන්, වැඩිහිටියන් ආදී සියලුම කණ්ඩායම් සඳහා පොත්පත් මෙහි ප්‍රදර්ශනය කර තිබීමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya