ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වාහනවල එන්ජින් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරන ස්වභාවික නිෂ්පාදනයක නිදර්ශනයක්

    අගෝස්තු 12, 2024

    ජපාන ව්‍යවසායකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද වාහනවල එන්ජින් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරන ස්වභාවික නිෂ්පාදනයක නිදර්ශනයක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිරිනැමුණු අතර මෙරට පොදු ප්‍රවාහන සේවාවන් සිදු කරන බස් රථ සඳහා එම නිෂ්පාදන යොදාගැනීමේ යෝග්‍යතාවය පිළිබඳ පරික්ෂා කර බලන ලෙස ද එම අවස්ථාවේ දී ඉල්ලීමක් සිදු කරන ලදී.

    ඒ අනුව වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් කාබන් විමෝචනය අවම කරන ස්වභාවික නිෂ්පාදනයක් වන මෙය මෙරට රථ වාහනවලට භාවිතා කිරීමේ යෝග්‍යතාවය පිළිබඳව පරීක්ෂාවක් සිදු කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත යොමු කර තිබේ.

    ශාස්ත්‍ර‍පති පුජ්‍යපාද ගලගම ධම්මරංසි හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් ජපාන ජාතික මියුරා සෙන්සේ ඇතුළු නියෝජිත පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya