ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    2024 ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළිය ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේ දී

    අගෝස්තු 13, 2024

    ඩයලොග් අසියාටා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩා සැණකෙළිය 2024 අගෝස්තු මස 16 වන දින සිට 2024 අගෝස්තු මස 18 වන දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන කණ්ඩායම් ක්‍රීඩා හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 කට අධික සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

    2024 ශ්‍රී ලංකා ලංකා ක්‍රීඩා සැණකෙළියේ සුවිශේෂී තරඟාවලියක් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානයකරනු ලබන ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය 2024 අගෝස්තු 16 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එය ගුවන් හමුදා ක්‍රීඩා දින දර්ශකයේ සහ ශ්‍රී ලංකා රග්බි දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමිකරගත් තරඟාවලියක් ලෙස පෙන්වා දිය හැක.

    මෙම තරඟාවලියට CR & FC, හැව්ලොක්, CH & FC, යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් කණ්ඩායම් ඇතුළුව A ශ්‍රේණියේ පිරිමි ක්‍රීඩා සමාජ මෙන්ම A ශ්‍රේණියේ කාන්තා ක්‍රීඩා සමාජ ඇතුළුව යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, යන කණ්ඩායම් සහ CR & FC කණ්ඩායම ද සහභාගී වීමට නියමිතව ඇත.

    මෙම තරඟාවලියට පාසල් මට්ටමේ නැගී එන දක්ෂතා ඇති ක්‍රීඩකයින් පෝෂණය කිරීමේ අරමුණින් පාසල් 16න් පහළ කණ්ඩායම් ද ඇතුළත් කර ඇති අතර, මේ වන විට පාසල් 14 ක් විසින් සහභාගී වීම තහවුරු කර ඇත.

    මෙම පාසල් අතරට ඉසිපතන විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සහිරා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ඩි.එස් සේනානායක විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලයස හා කිංග්ස්වුඩ් විද්‍යාලය ඇතුළත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya