ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජූලි මාසයේ විදේශ රැකියා සඳහා පිටත්වීම් 15% ඉහළට

    අගෝස්තු 14, 2024

    2023 වර්ෂයේ ජූලි මාසයට සාපේක්ෂව, 2024 ජූලි මාසයේ ශ්‍රි ලාංකිකයින් විදේශ රැකියා සඳහා යොමුවීම 15%න් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ජූලි මාසයේ ශ්‍රමිකයින් 25,025 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ගතවී ඇති අතර, එය 2024 වර්ෂයේ 28,758 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

    2024 අගෝස්තු 13 වන දින දක්වා ගතවූ මාස 07ක කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 187,796 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, ඒ අතරට ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූවන් 110,939 දෙනෙකු සහ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් විදේශ ගතවූවන් 76,857 දෙනෙකු අයත් වේ.

    මෙම කාලය තුළ වැඩි පිරිසක් විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 42,481 කි. දෙවනුව වැඩිම පිරිසක් රැකියා සඳහා යොමුවී ඇත්තේ සෞදි අරාබියට වන අතර, එම ප්‍රමාණය 31,265 කි.

    එසේම 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ සීඝ්‍ර වර්ධනයක්ද පෙන්නුම් කරනු ලබයි. 2023 වර්ෂයේ ඊශ්‍රායල් රැකියා සඳහා ගොස් ඇත්තේ ලාංකිකයින් 1,912 දෙනෙකු පමණක් වන අතර, එය 2024 වර්ෂයේ ඊශ්‍රායලයේ රැකියා සඳහා පුද්ගලයින් 5,128 දෙනෙකු යොමුවීම දක්වා ඉහළ ගොස් තිබේ.  

    මේ අතර, 2024 ජූලි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් වන අතර, 2024 වසරේ මුල් මාස 07 තුළ පමණක් විගමණික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.71ක මුදලක් මෙරටට ලැබී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya