ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කාර්යක්ෂම ගොවි ජන සේවා මධ්‍යස්ථානය ඇගයේ

    අගෝස්තු 14, 2024

    රජය විසින් මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සියලු ගොවිජනසේවා මධ්‍යස්ථානවලින් ඉටු කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙරට හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථාන තෝරා ගැනීම සඳහා පවත්වන ලද තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ (13) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අවස්ථාවේදීය.

    Agrarian Award- 2024 ලෙස නම් කර තිබූ මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    2021 පොහොර අර්බුදය නිසා අපේ වී  ගොවිතැන හා අනෙකුත් වගාවන්වල අස්වැන්න අඩු වු බවත් පසුව රජය ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අස්වැන්න වැඩි කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම ගොවිජන සේවා මධ්‍යස්ථාන අතර ඉතා හොඳ තරගයක් තිබුණු බවත් මෙවැනි තරගයක් පවත්වනවා කියලා ප්‍රචාරය නොකළ බවත් හොඳීන්ම පවත්වාගෙන යන ගොවි ජන සේවා මධ්‍යස්ථාන තෝරා ගනිමින් මෙම ත්‍යාග පිරිනමන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

    සමහර විට තරගයක් පවත්වන බව ප්‍රචාරය කලා නම්  ඒ තරගෙට මුහුණ දීලා ඊට පස්සේ ඒ කරපු සියලු  හොඳ කටයුතු තරගය අවසන් වූ පසු නතර වීමට ඉඩ තිබුණු නමුත් දැන් එසේ නොමැති බවත් කරගෙන ආ කටයුතු නොකඩවා කරගෙන යාමක් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

    ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විශිෂ්ට ලෙස කටයුතු කළ බවත් මේ වන විට හොඳ නිලධාරි මණ්ඩලයක් සිටින අතර මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම ඔබ සියලු දෙනාගේම වගකීමක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී A කාණ්ඩයේ හොඳම ගොවි ජන සේවා මධ්‍යස්ථානය වශයෙන් කෝවිල්කුළම්  ගොවිජන සේවා මධ්‍යස්ථානයත්, බී කාණ්ඩයේ හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථානය වශයෙන්  පැල්මඩුල්ලත්, සී කාණ්ඩයේ හොඳම ගොවිජන සේවා මධ්‍යස්ථානය වශයෙන් උප්පුවේලි ගොවිජන සේවා මධ්‍යස්ථානයත් ඇගයීමට ලක් වූ අතර අමාත්‍යවරයා අතින් සම්මාන පීරිනැමිනි. 

    මෙම අවස්ථාවට හිටපු ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා සහ වැඩබලන ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් මේනකා ප්‍රියන්තා අබේරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya