ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හෙට දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    අගෝස්තු 14, 2024

    සාමය ආරක්ෂා කිරීම ද ඇතුළුව ආරක්ෂක රාජකාරි සඳහා පමණක් හෙට දිනයේ (අගෝස්තු 15) පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ඇතුළුව 1000 කට අධික පිරිසක් යොදවා ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ රුවන් ගුණසේකර මහතා ඊයේ (13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    හෙට දිනයේ පෙරවරු 09 සිට පෙරවරු 11 දක්වා කාලය තුළ දී ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර දීමට නියමිතව තිබේ.

    එදිනට ආරක්ෂක රාජකාරි සිදු කිරීම, සාමය ආරක්ෂා කිරීම සහ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, වශයෙන් පොලිසියට විශේෂ රාජකාරි කිහිපයක් මෙම අවස්ථාවේ දී සිදු කිරීමට තිබෙන බවත්, ආරක්ෂක රාජකාරියේ යෙදවීමේ දී කලාප වශයෙන් වෙන් කර තිබෙන අතර මෙහි දී විශේෂයෙන්ම එක් එක් අපේක්ෂකයා සමඟ එන පාක්ෂිකයින්ට රැඳී සිටීමට වෙනම කලාප වෙන් කර තිබෙන බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

    එක් එක් අපේක්ෂකයාගේ පාක්ෂිකයින්ට/ආධාර කරුවන්ට වෙන් කර තිබෙන කලාප කවරේ ද යන්න පිළිබඳව දැනටමත් ඔවුන්ගේ නියෝජිතයින් දැනුවත් කර තිබෙන බවත්, මැතිවරණ ලේකම් කාර්යාලයට ආරක්ෂාවක් යෙදවීමටත්, එම ප්‍රදේශයම ආවරණය වෙන ලෙස මාර්ග බාධක රාජකාරි මෙන්ම පොලිස් ජංගම සංචාර ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසිය.

    එමෙන්ම විශේෂ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 300 ක පිරිසක් ද යෙදවෙන අතර මෙම ආරක්ෂක රාජකාරි හෙට දිනයේ පෙරවරු 8.00 සිට දහවල් 2.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya