"පිරිවැය ඵලදායී, උසස් තත්ත්වයේ සායනික ක්ෂුද්රජීව විද්‍යාව අවබෝධ කර ගැනීම "Realizing cost-effective, high- quality clinical microbiology" යන්න තේමා කර ගනිමින් 2024 වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අගොස්තු මස 13 සිට 15 දින දක්වා පැවැත්වේ. එම කාලය තුළ වැඩමුළු සහ විද්‍යාත්මක වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ
2024 වර්ෂය සදහා කාලීන තේමාවක් අනුව ශ්‍රී ලංකා ක්ෂුද්රජීව විද්‍යාඥයින්ගේ විද්‍යාලය කටයුතු කර ඇති බවත්, ආසදන හා ක්ෂද්රජීවීන් පිළිබඳ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා එහි වැදගත්කම මහජනතාවට සන්නිවේදනය කිරිම ඉතා වැදගත් බව ද පැවසීය. බෝවන රෝග, ආසාදන වැලැක්වීම, පාලනය සහ ඒ ආශ්රිත කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බව ද පෙන්වා දෙන ලදි.
මෙරට සියළුම ක්ෂද්ර ජීව විද්‍යාව සම්බන්ධ බැක්ටීරියා සායනික විශේෂඥ වෛද්‍යවරු, වෛරස්වේදී විශේෂඥ වෛද්‍යවරු, දිලීර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු, පරපෝෂිතවේදී විශේෂඥ වෛද්‍යවරු සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබද විශේෂඥ වෛද්‍යවරු යන විශේෂඥ වෛද්‍යවරුන්ගේ එක්හාසුවකින් ගොඩනැගුන සංගමයක් ලෙස මහජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරිමට අවකාශය ලබාදිම අරමුණු කරගෙන ක්ෂුද්රජීව විද්‍යාඥයින් සවිබල ගැන්වීම, පුහුණු වැඩමුළු සංවිධානය කිරීම, වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා නිර්දේශිත දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම සෞඛ්‍ය සේවා සපයන්නන් සහ මහජනතාව සඳහා රෝහල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වන බව ද පෙන්වා දෙන ලදි.
අනවශ්‍ය ප්‍රතිකාර කිරිම එනම් අනවශ්‍ය ලෙස ප්‍රතිජීවික ඖෂධ, දීලීර ඖෂධ භාවිතය වැළැක්වීම සදහා වෛරස රෝග නිවැරදිව හදුනා ගැනිම ඉතා වැදගත් බව ද පෙන්වා දෙන ලදි. කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බවත්, ඒ සදහා සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහත් කැපවිම් සිදු කළ බව ද පැවසීය.
ශ්‍රී ලංකා ක්ෂුද්රජීව විද්‍යා විද්‍යාලය 1969 වසරේ දී ආරම්භ කර ඇත. විද්‍යාලයේ ව්‍යවස්ථාවට අනුව සෑම වසරකම නව සභාපතිවරයෙකු සහ නව සභාවක් තේරී පත් වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ, ශ්‍රී ලංකා ක්ෂුද්රජීව විද්‍යා විද්‍යාලයේ (2023-2024) සභාපති සායනික ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ උපදේශිකා වෛද්‍ය මලිකා කරුණාරත්න, ලේකම් වෛද්‍ය නාමල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුලු ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීවවේද විශේෂඥ වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.