ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරු දැනුවත් කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 15, 2024

    කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ “මුල් ළමාවිය සංවර්ධන ජාතික සතියට” සමගාමීව පෙර පාසල් ගුරුවරුන් සඳහා ළමා ආරක්ෂාව, නීතිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (13) දා පස්සර ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

    මුල් ළමාවිය සංවර්ධනය පුද්ගල ජීවිතයේ සුවිශේෂි කාලපරිච්ඡේදයක් බවත් එය යහපත් ආකාරයට සංවර්ධනය කිරීම මගින් සමාජයට වැඩදායී පුද්ගලයන් බිහිකිරීමේ  හැකියාව පෙර පාසල් ගුරුවරයාට ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.

    කායිකව මෙන්ම මානසිකව ද ළමා ආරක්ෂාව තහවුරු කරන ආකාරය, ළමා  සමාජානුයෝජන හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ද මෙහි දී අදහස් දක්වන ලදී.

    පස්සර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරී තුමියගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සදහා පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සම්පත් දායකත්වය ලබා දුන්නේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya