ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    හොද නායකයෙකු කිසි දිනක සමාජය විනාශ කිරීමට දායක වෙන්නේ නැහැ  - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

    අගෝස්තු 15, 2024

    හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ විද්‍යාකර විදු දරුවන්ගේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (08) සිදු කෙරුණි.

    මෙහි දී උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ පාසල තුළින් ඉතා විනයානුකූල ශික්ෂණයකින් නායකත්වය සඳහා වන අත්පොත් තබන දරුවා දිනෙක ඉතා සුවිශේෂී පුද්ගලයෙක් වන බවත්, විනය මුලිකව ලෝකයේ සංවර් ධනය කරා ලගාවූ රටවල පුර් වාදර්ශ්යන් පිළිබඳව හොඳීන් අවබෝධ කොට ගත යුතු බවත්, කෙනෙකු සතුවූ හැකියාවන් සහ කුසලතාවයන් සමාජය යහපත් පැවැත්ම උදෙසාම භාවිතයට ගත යුතු බවත් හොද නායකයෙක් සමාජ විරෝධී කිසිදු ක්‍රියාවකට දායක නොවන බවත්, එහි මුලකුරු කියනුයේ පාසල තුළින් බවත් පැවසු ගමගේ ආණ්ඩුකාරවරයා, අධ්‍යාපනය තුළින් ලබා ගන්නා වූ විනය අතිශයින් මුලික වන බවත් අත්දැකීම, අත්විදිම, පුහුණුව සැබෑ නායකයෙකු සදහා වන මුලික ප්‍රවේශයන් බවත්, සැබෑ  අධ්‍යාපනය යනු විභාග ඉලක්ක ජයගනිමින්,  තම දක්ෂතා ලෝකයට පෙන්වමින්, හොඳ ගුණගරුක සාරධර්මවලින් පිරිපුන් දරුවෙක් ලෙස  සමාජගත වීම බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

    පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ සිසු දරුවන් 1450ක් පමණ ඉගෙනුම ලබයි. සිසු නියමු අභිෂේස් නමින් 2024 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් 64 දෙනෙක් සඳහා පදක්කම් පැළඳවීම සිදුවිණි. අමතරව විශ්වවිද්‍යාලයේ වරම් ලැබූ දරුවන් ඇගැයීම සහ වසරේ සුවිශේෂී කුසලතා දැක්වූ දරුවන් හට සහතික ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණි.

    1827 වසරේ දරුවන් 12 දෙනෙකුගෙන් සහ ගුරුවරුන් තිදෙනෙකුගෙන් ආරම්භ වූ පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලය පසුව 2005 වසරේ දී උසස් පෙළ විෂය ධාරා ආරම්භ කරමින් විද්‍යාකර මහා විද්‍යාලය නමින් නම් කෙරෙණි.  විදුහල්පතිනී දමයන්ති මැණිකේ මහත්මිය ඇතුළු පාසල් ප්‍රජාවගේ ආරාධනාවෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය විද්‍යාලිය ප්‍රධාන ශාලාවේ දී  පැවැත්විණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya