නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 22 පමණ පිරිසක් සහභාගී වේ.
ඒ අනුව, අද දින සිට (2024 අගෝස්තු 19) අගෝස්තු 21 දක්වා මෙම තරඟාවලිය ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර, මෙම තරඟාවලිය මඟින් විදේශීය නාවික විද්‍යාපීඨයන්හී පුහුණු වන නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණුවන නිලධාරීන් අතර සහයෝගීත්වය වර්ධනය කිරීමට හා අත්දැකීම් හුවමාරු කරගැනීමට මෙන්ම, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමත්, මෙරට ජල ක්‍රීඩා කෙරෙහි සංචාරක ආකර්ශණය දිනාගැනීමත් නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.