මේ වන විට මුදල් අමාත්‍යාංශය මගින්, 2025 වසර සඳහා අය-වැය ලේඛනය සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය. රජය විසින් අයවැය යෝජනා සකස් කිරීම සිදුකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුම අනුව බවත්, දැනට 2025, 2026 සහ 2027 යන වර්ෂ සඳහා හිඟ මුදල් ප්‍රමාණය ලබා දීම සිදු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ සඳහා එකඟතා ලේඛනවලට අත්සන් කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කුමන රජයක් බලයට පත්වුවද, මූල්‍ය අරමුදලේ කටයුතු එලෙසින්ම සිදු වෙන බවත්, වැටුප් වර්ධක යෝජනාව මූල්‍ය අරමුදලෙන් සපයා ගන්නා නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.