ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

    අගෝස්තු 20, 2024

    ලබන වසරේ සිට වී වගාවට පොහොර මිල දී ගැනීම සඳහා දැනට රජය විසින් ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්  ඉදිරිපත් කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයාමේ බව පැවසුවේ,  අද (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    වගා කන්න පහක් තුළ වී අස්වැන්න දෙගුණයක් බවට පත් කිරීම සදහා රජය විසින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්  ඒ අනුව වී වගාවට අවශ්‍ය පොහොර කළට වේලාවට යෙදීම කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

    දැනට පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 10,000ක මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව රජය වටහා ගෙන ඇතත් පැවැති ආර්ථික තත්ත්වය මත ඊට වඩා වැඩි මුදලක් ලබා දීමේ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම  ඉදිරි මහ කන්න දෙකේ දී MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට ද නියමිත බවත් ඒ අනුව ගොවීන්ට අවශ්‍ය සමස්ත MOP පොහොර ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පොහොර සහනාධාරය රුපියල් 30,000ක් දක්වා වැඩි කළහොත් ඒ සඳහා රුපියල් බිලියන 30ක පමණක් මුදලක් වැය වෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya