ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය මහකොමසාරිස් අස්ගිරි හා මල්වතු මහානායක හිමිවරුන් බැහැදකී

    අගෝස්තු 21, 2024

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ මිත්‍රත්වයට එයා ගිය සහෝදරාත්මක බැදීමක් බවත්, ඉදිරියේ දී ලංකාවාසින්ට වඩාත් වැදගත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ වත්මන් රජය සමග අත්වැල් බැඳගෙන ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

    ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැඩිමහල් සහෝදරයා ලෙස වැඩි දෙනෙක් හැදින්වුවත් තමන් වඩාත් කැමති ශ්‍රී ලංකාව ඉන්දියාවේ නිවුන් සහෝදරයා ලෙස හැදින්වීම බව පැවසූ මහකොමසාරිස්වරයා දෙරට අතර සම්බන්ධතා වලට ඇත්තේ දිගු ඉතිහාසයක් බවත් පැවසුවේය.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (20)  සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ මල්වතු මහා විහාරයේ දී එම පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදීය.

    ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මහ කොමසාරිස්වරයා ඒ යටතේ ඩොලර් බිලියන තුනක වියදමින් මධ්‍යම පළාත තුළ ද සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කරන බව ද පැවසුවේය. 

    අදාළ ව්‍යාපෘති ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව පැවසූ මහ කොමසාරිස්වරයා අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වීමෙන් මෙරට වැසියන් බල ශක්තිය වෙනුවෙන් වැය කරන්නට වන අධික පිරිවැය අවම කර ගත හැකි බව ද පැවසුවේය.

    ඉන්දීය රජයේ මැදිහත්වීම මත මෙරට විහාරස්ථාන හා පිරිවෙන් සඳහා සූර්යය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් දියත් කොට ඇතැයි කී ඒ මහතා ඒ යටතේ බෞද්ධ විහාරස්ථාන 4000කට ද පිරිවෙන් 800කට සූර්යය පැනල සවි කිරීම ආරම්භ කොට ඇති බව ද කීවේය. එම ව්‍යාපෘතියේ යටතේ ඉදිරියේ දී තවත් බෞද්ධ විහාරස්ථාන 3000කට ඉදිරියේ දී සුර්යය පැනල සවි කොට භාර දෙන බව හෙතෙම සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ උතුර සහ ඉන්දියාවේ දකුණ යා කරමින් ඉදිකිරීමට යෝජිත පාලම පිළිබදව සාකච්ඡා කරන බවත් එවැනි ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට වැඩි වාසියක් අත්වනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා තව දුරටත් පැවසුවේය.

    මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් ව්‍යෛ අතීරා එස් මිහත්මිය ඇතුලු පිරිසක් මෙම හමුව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya