ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුර තත්වය පිළීබඳව තවදුරටත් අවධානයෙන් පසුවන්න - වාරිමාර්ග දෙපර්තමේන්තුව

    අගෝස්තු 21, 2024

    දින කිහිපයක් පුරා පවතින වර්ෂාපතනය තවදුරටත් පවතින බැවින් කලු ගඟේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ  වාරිමාර්ග ඉංජීනේරු ජී.ඩබ්.එස්.සකුරා දිල්තාරා මහත්මිය පවසයි.

    ඒ අනුව බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර සහ මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල තවදුරටත් ගංවතුර තත්වය පවතින බැවින් එම පහත්බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් මෙම ප්‍රදේශවල වැටී ඇති මාර්ග භාවිත කරන පුද්ගලයන්ද මේ තත්වය පිළිබඳව සැළකිලිමත්වන ලෙසද  ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

    පවතින වර්ෂාපතන තත්වය පසුගිය පැය කිහිපය තුළද සැළකිය යුතු මට්ටමක පැවතීම හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන්‌දැමීමේ ධාරිතාවය තත්පරයට ඝණ මීටර් 60 දක්වා වැඩි වීමත් සමග කුඩා ගඟෙහි පහත් බිම්වල ජල මට්ටම් තවදුටත් ඉහළ යා හැකි අතර කලු ගඟෙහි මගුරු ගඟ සහ කුඩා ගඟට අයත් පහතිබිම්වල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ බවද ඇය අවධාරණය කරයි.

    එසේම අත්තනතගලු ඔයෙහි  පහත් බිම් එනම් ජා ඇල, වත්තල වැනි ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී පවතින අතර ඉදිරි පැය 24ක කාලය තුළ මෙම ප්‍රදේශවලට සැළකියයුතු වර්ෂාපතනයක් ලැබුනහොත් මෙම මට්ටම ගංවතුර අවදානම් මට්ටමක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද ඇය සඳහන් කළාය.

    විශේෂයෙන්ම කලු ගංගාවේ කුඩා ගඟ සහ මගුරු ගඟ ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිතව වත්තල සහ ජාඇළ පුදේශවල ජීවත්වන ජනතාව එම පහත් බිම් හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී දැඩි සැළකිල්ලලෙන් කටයුතු කරන ලෙසද  ඇය ඉල්ලීමක් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya