ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 22, 2024

    රාජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප වෙනසක් ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු මැද පළාත් සභාව සහ සතිපාසල් පදනම අතර සාකච්ඡාවක් පළාත් සභා ශ්‍රවණාගාරයේදී සති පාසල් පදනමේ නිර්මාතෘ උඩුඊරියගම ධම්මජීව හිමියන්ගේ සහ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී ආකල්ප වෙනසක් ඇති කිරීම මානසික ආතතිය නැති කිරීම මෙන්ම තමන් කරනු ලබන ඕනෑම කාර්යයක් සතියක් තුළ නිම කිරීම යන කරුණු පිළිබඳ හුරු කිරීමට ක්‍රියා කරනු ලබයි.

    දැනට මෙම වැඩසටහන පාසල් තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිවයින පුරා පාසල් දරු දැරියන් ලක්ෂ හතලිහක (40)ක පමණ ප්‍රමාණයක් මේ හා සම්බන්ධ වී ඇත.
    මීට අමතරව පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ආදී රාජ්‍ය ආයතන තුළද මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී. දැනට මෙම වැඩසටහන ක්‍රියාත්මක ආයතන වල ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව මෙහිදී හෙළි විය.

    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර, ප්‍රධාන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන, ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.එම්.ඩබ්.සමරකෝන්, සති පාසල් පදනමේ සාමාජික ආචාර්ය සේනබන්ධු රාජකරුණා යන මහත්මවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya