ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    තේ සහ වී වගාකරුවන්ට රජයෙන් මූල්‍ය සහනාධාර

    අගෝස්තු 22, 2024

    රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් කිලෝ ග්‍රෑම් 50 රසායනික පොහොර මිටියක් රුපියල් 4,000ක සහනයක් සහිතව ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    එමඟින් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම, 2024/25 මහා කන්නයේ දී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනිකුත් ක්‍ෂේත්‍ර සඳහා ගොවින් වෙත පොහොර සහනාධයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව, 2024/25 මහා කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් සහ පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර වී වගාව සහ අනිකුත් වී වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාරයකට රුපියල් 15,000 බැඟින් මුල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා ලබා දීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

    කෙසේ නමුත්, මෙම වසර වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන වලට පරිබාහිරව කිසිඳු දීමනාවක් ලබා දිය නොහැකි බවත්, දේශපාලන අරමුණු කර ගනිමින් මෙම දීමනා ලබා දීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya