ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය වෙත ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

    අගෝස්තු 22, 2024

    මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම පර්යන්තය වෙත ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් (ප්‍රයිවට් ) ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
    මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා දේශීය තරගකාරී ලංසු කැඳවීමේ පටිපාටිය අනුගමනය කරමින් ලංසු කැඳවීම සිදු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා ලංසු 10ක් ලැබී තිබූ බවද පැවසීය.
    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට් ) ලිමිටඩ් වෙත එම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති බව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya