ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳව දැනුවත් කෙරේ

    අගෝස්තු 26, 2024

    මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලයේ සමථකාරවරුන් වෙනුවෙන් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත ප්‍රකාර සමථ කිරීමේ දක්ෂතා සහ ශිල්පීය උපක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ එක් දින පුහුණු වැඩමුළුවක් පසුගිය දා (23) දින කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    මෙහි දී ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සමථකරණය, සමථ මණ්ඩල පනත, සමථකරණ මූලධර්ම, ගැටුම් නිරාකරණය, සමථකරණය සඳහා සන්නිවේදන උපක්‍රම, සමථකරණ පියවර ඇතුළු සමථකරණයට අදාළ විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.

    මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය විසිනි.

    කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතාගේ ද සහාය ඇතිව කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ සංවර්ධන නිලධාරී පියුමි කංකානම්ගේ මහත්මිය විසින් වැඩමුළුව සංවිධානය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya