ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සීගිරිය ජනතාව වසර 40ක් පීඩාවට පත්කළ වනජීවී ඉඩම් ගැටලුව අවසන්

    අගෝස්තු 26, 2024

    දඹුල්ල, සීගිරිය අර්ධ නාගරික ග්‍රාසේවා වසම් 12ක්, වනජීවී කලාප ලෙස ගැසට් කර තිබීම හේතුවෙන් වසර 40ක් පුරා නොවිසදී තිබූ සමාජ ආර්ථික ගැටලුව නිරාකරණය කර ජනතාව වෙත නිදහසේ ඉඩම් බුක්ති විඳීමේ අයිතිය ලබාදීමට හැකි වී තිබේ.

    මාතලේ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු සභාපති ඉංජිනේරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමාගේ මැදිහත්වීම මත ලංකා පාර්ලිමේන්තුවේ පරිසර හා තිරසර සංවර්ධනය පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාව, පසුගිය සතියේ දී විභාග කරන ලද මෙම ගැටලුවට පිළියම් ලෙස එකී ඉඩම් පියවර වශයෙන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇත.

    මෙම සාකච්ජාව සදහා මාතලේ මහදිසාපති තේජානි තිලකරත්න, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය, වනජීවී දෙපාර්තුමේන්තුව, වනජීවී අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළු ආයතන ගනණාවක් මෙන්ම, සීගිරීය ප්‍රදේශය නියෝජනය කරන සිවිල් සංවිධාන රාශියක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya