ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නීති විරෝධී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

    අගෝස්තු 27, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනේ ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ ඊයේ (25) සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 748.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

    ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ‍ඊයේ කල්පිටිය ඉප්පන්තිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පාර්සල් 15 ක අසුරන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 499 ක පමණ තොගයක් (තෙත බර සහිත) සහ එම විධානයේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා  බලඝණය විසින් වෙල්ලමුන්දලම වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී, එම වෙරළට ගොඩගසා තිබූ පාර්සල් 07 ක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 249.6 ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය, ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya