ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ‘ඉන්දු -ලංකා මිත්‍ර ශක්ති ’’යුද අභ්‍යාසයේ 10 වන අදියරේ යුද අභ්‍යාස නිරීක්ෂණයට යුද්ධ හමුදාධිපති එක්වෙයි

    අගෝස්තු 27, 2024
    ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්යාසයේ අවසන් අභ්යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්රධානත්වයෙන් පසුගියදා (23) පැවැත්විණි.

     

    ශ්රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය හමුදාව අතර සුහදත්වය, සහයෝගීතාවය ඇතිකිරීම හා බැඳීම් ශක්තිමත් කිරීම සඳහා පවත්වන ලද මෙම අභ්යාසයේදී යුද බිමේ යොදාගත හැකි උපක්රම පිළිබඳ න්යායික හා ප්රායෝගික පුහුණු පැවත්විණි
    මීට අමතරව, දෙරටේ හමුදාවන් අතර මෙහෙයුම් හැකියාවන් සහ සුහඳත්වය ඉහළ නැංවීම සඳහා ‘මිත්ර ශක්ති’ අභ්යාසය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. මෙම ඒකාබද්ධ පුහුණුව තුළින් අන්යෝන්ය අවබෝධය වර්ධනය කරන අතර සාම්ප්රදායික යුද්ධයක ප්රතිත්රස්ථ මෙහෙයුම් සිදුකිරීමේ පිළිබද හැකියාවන් වර්ධනය කරයි. මෙම අභ්යාස අතරතුරදී සහයෝගීතාවය , උපායශීලී දැනුම, උපායමාර්ගික අවබෝධය ලබාගැනීම සහ ඒවා හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි වූ අතර, එමඟින් හමුදාවන් අතර සූදානම සහ අනුවර්තනය වීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ හමුදා රාජ්ය තාන්ත්රිකභාවය ශක්තිමත් කිරීම සහ ශක්තිමත් ආරක්ෂක සබඳතා ගොඩනැගීම සිදු කරනු ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya