ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    නගර සැලසුම් ජනතාවට පහසු ආකාරයෙන් කළ යුතුයි - උතුරු පළාත් ආණ්ඩුකාරවරිය

    අගෝස්තු 28, 2024

    ජනතාවට පහසුවෙන් සේවාවන් ලබා ගත හැකි ආකාරයෙන් නගර සැළසුම් කටයුතු කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසුවාය.

    උතුරු පළාත් ආණ්ඩුකාවරිය මේ බව සඳහන් කළේ ජාතික භෞතික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අවස්ථාවේදී අදහස් දක්වමිනි.
    එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරිය,
    “ජනාධිපතිතුමාගේ උත්සාහය නිසා මෙම ජාතික භෞතික සැලසුම් ක්‍රියාකාරකම රටපුරා ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට උතුරු පළාත් නගර සැලසුම්වලට අදාළ සියලු සැලසුම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඉදිරිපත් කර ලබා ගන්නා ලෙස අපි ඉල්ලා සිටියා. ඒ අනුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී, උතුරු පළාතේ භූගෝලීය මධ්‍යස්ථාන කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගැනුණි මෙම ව්‍යාපෘති සඳහා දමිළ පරිවර්තනයක් අවශ්‍ය වෙයි.
    ආයෝජකයින්ගේ පැමිණීම ඉතා පසුගාමී බැවින්, නගරය සැලසුම් කිරීමේදී අවධානය යොමු කළ යුතුයි . ඒ වගේම වෙනත් ව්‍යාපෘති කරගෙන යාමට බලපත්‍ර ලබා ගැනීමේදී ඇතිවන ගැටලු මඟහරවා ගනිමින් පහසුවෙන් ආයෝජන සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නගර සැලසුම් කිරීමේදී නගර සංවර්ධනය කරන අතරම අනෙකුත් කුඩා නගර ද සංවර්ධනය කර විශාල නගර සමඟ සම්බන්ධ කළ යුතුය. එමෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය, සංචාරකයින් සඳහා වඩා හොඳ නවාතැන් පහසුකම් ඇතුළු සියලු අංශ සලකා බලා නගර සැලසුම් සැලසුම් කිරීම අවශ්‍ය වේ. උතුරු නැඟෙනහිර යා කරන වට්ටුවාගල් පාලම ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මේ ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කළොත් හොඳයි."
    උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු පළාතේ දිස්ත්‍රික්කවල රාජ්‍ය ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya