ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    "සංහිඳියාවෙන් නව ලොවක්" සංස්කෘතික වැඩසටහන මිල්ලනියේ දී

    අගෝස්තු 28, 2024

    පාසල් දරුවන් තුළ සෙසු ආගම් හා ජාතීන් පිළිබඳ ඇති ගෞරවය වර්ධනය කිරීමත්, සෙසු ජාතීන්ගේ සංස්කෘතික හා ආගමික සිරිත් විරිත් පිළිබඳ දැනුම වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් "සංහිඳියාවෙන් නව ලොවක්" කලා හා සංස්කෘතික වැඩසටහන පසුගියදා මිල්ලනිය නිව්චැටල් දෙමළ විද්‍යාලයේ දී පැවැත්විණ.

    අධිකරණ අමාත්‍යාංශයේ, ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලයේ ප්‍රතිපාදන මත මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

    මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් යන ජාතීන්ට ආවේණික විවිධ උත්සව, නර්තනාංග, ගීත, ආහාරපාන රසවිඳීමට දරුවන්ට අවස්ථාව හිමි විය.

    ආගමික වතාවත් සිදු කිරීම  විවිධ ආගම්වලට අයත් ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.

    මෙම උත්සවය සඳහා හොරණ අධ්‍යාපන කලාපයේ දෙමළ මාධ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. චන්ද්‍රමෝහන්,  මදුරාවල මහා විද්‍යාලයේ විදුහල්පති අනුර පෙරේරා, දික්හේන දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනි රෙබේකා මලර්, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුලු පාසල් ගුරුවරුන්,  දරු දැරියන් හා දෙමව්පියන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya