ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලූනු අස්වැන්න මිලදී ගැනීමට වැඩපිළිවෙලක්

    අගෝස්තු 29, 2024

    රජය මැදිහත් වී සතොස මඟින් ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බවට ගොවීන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක්  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සිදු කර නොමැති බවත් එම නිසා මෙම ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්නට නිසි මිලක් නොලැබෙන්නේ නම් ඒ සඳහා රජය මැදිහත් වී කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ 03කි. මෙම යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 1200ක් පමණ වේ. ඉන් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 24,000කි. එම අස්වනු ප්‍රමාණය තුළින් මෙරට සමස්ත අවශ්‍යතාවය සම්පූර්ණ නොවේ. පරිභෝජනය සඳහා ඉතිරි ලොකු ලූනු ප්‍රමාණය මුළුමනින්ම ආනයනය කිරීමට සිදු වී ඇත.

    එමෙන්ම විශේෂයෙන් සෑම වසරකම ලොකු ලූනු අස්වැන්න නෙලන අවස්ථාව වන විට වර්ෂාව නිසා එම වගාවන් විනාශ වී යන තත්ත්වයක් ද පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි.

    ලොකු ලූනු පිළිබඳ බෝග නායක ඩී.ආර්. කාංචන මහතා පැවසුවේ , මෙවර ද හෙක්ටයාර 4000ක වගා කිරීමට සැලසුම් කළත්, වර්ෂාව නිසා එම ප්‍රමාණය හෙක්ටයාර 1200කට සීමා කිරීමට සිදු වූ බවයි. දැනට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

    මඟින් ලොකු ලූනු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 225-250 අතර මිලකට මිල දී ගන්නා බවත් ලොකු ලූනු රුපියල් 150 දක්වා අඩු වී ඇතැයි ගොවීන් පළ කර ඇති ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ද ඒ මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya