ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලොව පුරා සිටින ශ්වසන සෞඛ්‍ය විශේෂඥයින් කොළඹට

    අගෝස්තු 29, 2024

    ශ්වසන සෞඛ්‍යය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකයේ (RESPIRE-ස්වසන) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම 2024 අගෝස්තු 27 සිට 29 දක්වා තෙදිනක් පුරා පැවැත්වෙ. එම පර්යේෂණ ඒකකය 2016 වසරේ ආරම්භයේ සිට තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්  මෙරට තුළ සමුළුවක් කැඳවන පළමු අවස්ථාව මෙය වේ.

    මෙහිදී ගෝලීය වශයෙන් සිදුවන මරණ පහෙන් එකකට ශ්වසන තත්වයන් වගකිව යුතු වන අතර, මේ සතියේ, ලොව පුරා සිටින ශ්වසන සෞඛ්‍ය විශේෂඥයින් කොළඹට රැස්වී රට හරහා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ ආසියානු කලාපයේ ශ්වසන රෝග බර අඩු කිරීම සඳහා සිදු කරන පර්යේෂණවල ප්‍රගතිය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

    ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීමේ සමාරම්භය පසුගිය දා  (27) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ දී පැවැත්විනි.

    මෙම සමුළුවේ දි සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල අනුබද්ධ සෞඛ්‍ය පීඨවල ගෞරවනීය අමුත්තන් ප්‍රමුඛතා පිළිබිඹු කරනු ලැබන අතර, කලාපයේ වඩා හොඳ ශ්වසන සෞඛ්‍ය තත්ත්වයක් සහතික කිරීම සඳහා. පර්යේෂණ කණ්ඩායම් ඔවුන්ගේ අධ්‍යයනවලින් නවමු අදහස් යෝජනා ඉදිරිපත් කරමින් ගෝලීය ශ්වසන සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිමට නියමිතය.

    මෙහිදී අදහස් දැක් වූ ‌සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ක්‍රමික වර්ධනයක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන බවයි.

    නාගරීකරණයේ වේගවත් වර්ධනය, වායු දූෂණය, දේශගුණික වෙනස් වීම් මේ ස්වසන රෝග සඳහා බලපානු ලබන බවත්, ජනතාව අතර විද්‍යාත්මක දැනුමක් නොමැති වීම, අඩු අධ්‍යාපනය, දිළිඳුකම යන කරුණු ද මේ සඳහා බලපෑම් සිදු කරන බවද හෙතෙම පැවසීය.

    විශේෂයෙන් දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම රෝග තත්ත්වයන් වල වර්ධනයක් දක්නට ලැබෙන බවත්, කුඩා සංගෘත ඉඩ ප්‍රමාණයක ආහාර පිසීම, විෂ සහිත ඉන්ධන භාවිතය ශ්‍රී ලංකාව තුළ මෙම රෝග අවධානම සඳහා තවත් බලපාන සාධක වන බවත්, සම්ප්‍රදායික ආහාර පිසීමේ ක්‍රම වලින් ඉවත්ව මෙම නාගරිකරණය තුළ භාවිතා කරන ක්‍රමවේද මෙම රෝග වලට බලපාන අතර, දරුවන් හා වැඩිහිටි ප්‍රජාව මෙම රෝග වලට මුහුණ දෙන අවදානම් කාණ්ඩ  බව ද පැවසීය. ස්වසන රෝග ආශ්‍රිත රෝහල් ගතවීම් වැඩිවී තිබෙන බවත්, පිළිකා රෝග බෝ නොවන රෝග බොහෝ සෙයින් මෙරට තුළ වර්ධනය වෙමින් පවතින බව ද  ප්‍රජාවෙන් 89% බෝ නොවන රෝග අවදානමට මුහුණ දී තිබෙන බවද වැඩිදුරටත් පැවසිය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වනවෛද්‍ය සුනිල් ද අල්විස් සහ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, මලයා විශ්ව විද්‍යාලයේ RESPIRE අධ්‍යක්ෂ මහාචාර්ය ඊ මිං ඛූ,  එඩින්බරෝ විශ්ව විද්‍යාලය RESPIRE අධ්‍යක්ෂ මහාචාර්ය හැරී කැම්බල්, RESPIRE නියෝජ්‍ය අධ්‍යක්ෂ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මහාචාර්ය ශ්‍රීමත් අසීස් ෂෙයික්, වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය මනෝරි ගමගේ,  ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ  සභාපති,  ආචාර්ය නෙරංජන් දිසානායක,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය උපකුලපති, මහාචාර්ය එම්.එම් පත්මලාල්, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සත්කාර ශ්වසන කණ්ඩායම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya