ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනක්

    අගෝස්තු 29, 2024

    නේවාසික ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (29)බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්සර පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේදි ආරම්භ විය.

    තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගනිමින් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ බදුල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

    මෙම නේවාසික වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගන්නා ලද තරුණ ව්‍යවසායකියින් තිස්දෙනෙකු (30) සඳහා දින12ක ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇතිව ක්‍රියාත්මක වේ.

    මෙම වැඩසටහන මඟින් ඔවුන්ගේ ජීවිතයේ අභියෝග ජය ගන්නා ආකාරය, තම ව්‍යාපාරය පියවරෙන් පියවර දියුණු කර ගැනීම සහ ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කර ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රාශියක් සපුරාලමින් ඔවුන්ගේ ව්‍යාපාර ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා අත්වැලක් ලබාදීම සිදු කරයි.

    මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂවරිය, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන නිලධාරින් ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යසායකින් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya